32 C
Colombo
Sunday, March 16, 2025

CIDය WhatsApp ඇමතුම්වලට සවන් දෙනවාද ?

- Advertisement -

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයේ අවසරයකින් තොරව තමන්ගේ WhatsApp ඇමතුම්වලට සවන් දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් චෝදනා කර සිටියා.

2018 සහ 2019 වසරවලදී ඔවුන් තමාගේ දුරකතන සංවාදවලට සවන් දී ඇති බව තමන්ට ප්‍රකාශ කළ බව තමන් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අවස්ථාවේදී එහි නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම් අතරතුර ප්‍රකාශ කළ දෑ අනුව හෙළිදරව් වූ බවයි ඔහු පවසන්නේ.

දුරකත සංවාද සම්බන්ධයෙන් අවසර ලබා ගැනීම මහේස්ත්‍රාත්වරයෙකු හරහා සුදුවිය යුතු වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ෂවරයා විසින් නිලධාරීන්ට ඒවා ලබා දුන් බව ඔවුන් පැවසූ බවත් මන්ත්‍රීවරයා පවසනවා.

ඒ අනුව, දුරකතන සේවා සැපයුම්කරුවන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම පාර්ලිමේන්තු වරප්‍රසාදය උල්ලංඝණය කර ඇති බව කියා සිටි මන්ත්‍රීවරයා අපරාාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකතන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා මූලික පරීක්ෂණයක් සිදු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම සාමාන්‍ය දුරකතන ඇමතුමක් නොවන වට්ස්ඇප් ඇමතුමකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සවන්දුන්නේ කෙසේ ද යන්නත් මෙලෙස වට්ස්ඇප් ඇමතුම්වලට සවන් දීමට හැකියාව ඇති යම් සුවිශේෂි තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබුණේද යන්නත් හිටපු අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටියා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

POPULAR ARTICLES