රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
යම් යම් ගැටළු පැවතියද එම ගැටළු විසඳා ගැනීමට හැකිවනු ඇති බව විශ්වාස කරන බවත් ඖෂධ හ්ඟයක් ඇති නොවන බවට වග බලා ගැනීමට කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ සීමා ඉවත් කිරීමට රජය කටයුතු කළේ රටම මුහුණපා සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට බවත් එබැවින් ජනතාව සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා පවසනවා.