32 C
Colombo
Tuesday, February 18, 2025

රුපියල පිරිහීම නිසා රටට ඩොලර් ගලාගෙන එයි..! – කබ්රාල්

- Advertisement -

රුපියලට වැඩි නම්‍යශීලීභාවයක් ලබා දීමට කටුයුතු කිරීමේ දී රුපියලේ අගය පිරිහීමට ලක්විය හැකි නමුත් ඒ හරහා රටට ගලාඑන විදේශ විනිමය ඉහළ යාම වැනි සුභදායී කටයුතු සිදුවීමට හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඒ, රුපියල නම්‍යශීලී කිරීමේ මහ බැංකු තීරණය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින්.

පසුගිය වසර කිහිපයේම ශ්‍රී ලංකාවට සහ මුළු ලෝකයටම ඉතාමත්ම ආර්ථිකමය වශයෙන් අපහසු සහ අභියෝගාත්මක කාලයක්. ඒ කාලය තුළ දී ආර්ථික ස්ථායිභාවය රැකගැනීම ඉතාමත්ම දුෂ්කර කාර්යයකුත් වෙලා තියෙනවා.

ඒ නිසා තමයි ශ්‍රී ලංකා මහ බැංකුවට පසුගිය වසර දෙක තුන තුළ දී සෑහෙන පීඩනයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.

ඒත් එක්කම ශ්‍රී ලංකා මහ බැංකුව විවිධ ප්‍රතිපත්තිමය කටයුතු ඔස්සේ මේ ස්ථායිභාවය රැකගෙන දිගින් දිගටම රටේ ආර්ථිකය කොවිඩ් වසංගතය මධ්‍යයේත් වෙනත් ලෝක පීඩන මධ්‍යයේත් අපට හැකිවෙලා තිබුණේ, දිගින් දිගටම අපහසුතාවයක් වැඩිපුර දැනේනේ නැති විදියට කරගෙන යන්නට.

පසුගිය සති කිහිපය තුළ දී ලෝකය දැවැන්ත අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ඒ අර්බුදය හරහා ලෝකය සියලුම ආර්ථික කටයුතුවලට ඉතා විශෘල අභියෝග විඳින්නට සිදුවෙලා තිබෙනවා. ඒ නිසා අපි පාවිච්චි කරලා තිබ්බ සමහර මෙවලම් අපිට වෙනස් කරන්න සිදුවෙලා තිබෙනවා. ඒ නිසා තමයි මේ සතියේ මුල් භාගයේ දී ශ්‍රී ලංකා රුපියල තවදුරටත් නම්‍යශීලීභාවයට පත්කිරීමට අපි තීරණය කරලා තිබෙනවා. පොලී අනුපාතය වැඩිකිරීමට තීරණය කරලා තියෙනවා.

අපි දන්නවා මේවායින් සමහර විට විවිධ ප්‍රතිවිපාක ජනජීවිතයට ලැබෙන්න තිබුණත්, දිගුකාලීන ස්ථායීභාවය රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඒ තීරණය අරගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිභාවය සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය රැක ගැනීම මහ බැංකුවේ විශේෂ කාර්යභාරයක්. එය සිදුකරද්දී සමහර විට අපිට මෙවැනි තීරණ ගන්න සිදුවෙලා තිබෙනවා.

ඒ නිසා මේ අවස්ථාවේ දී රුපියලට වැඩිපුර නම්‍යශීලීභාවයක් ලබා දෙන්නට කටයුතු කරද්දී රුපියලේ අගය පිරිහෙන්නට පුළුවන්. අපි දැක්කා යම්කිසි පිරිහීමකට පත්වෙලා තිබෙනවා. ඒ වුණත් ඒ හරහා තවත් සුභදායී කටයුතු සිදුවෙන්නත් පුළුවන්. ඒවා තමයි රටට ගලාඑන විදේශ විනිමය වැඩිවෙන්නට පුළුවන්. ඒ තුළින් අපේ අනෙකුත් තිබෙන සාධක තවදුරටත් වර්ධනය වෙන්නට පුළුවන්. ඒවා සැලකිල්ලට අරගෙන ඉදිරි කාලයේ දී මේ තීරණයෙන් සිදුවන අභියෝගාත්මක කටයුතුවලට විවිධ ප්‍රතිතීරණ ගන්නටත් මහ බැංකුව සූදානම් වෙලා ඉන්නවා.

RECENT ARTICLES - SINHALA

හෙට උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමකට

දිවයිනේ පළාත් 5කට සහ ප්‍රදේශ කිහිපයකට හෙට (19) දිනයේ උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා...

ටිරාන්ට දී ඇති STF ආරක්ෂාව ගැන පැහැදිලි කිරීමක්

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට විශේෂ කාර්ය සාධක බලකායේ ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැහැදිලි කිරීමක් සිදු...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරපු විදිය ගැන වෘත්තීය සමිති රැසකගේ අප්‍රසාදය

මෙවර අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට වෘත්තීය සමිති රැසක අප්‍රසාදය පළ කර තිබෙනවා. අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා...

POPULAR ARTICLES