කොවිඩ් ඇතුළු බෝ වන රෝග සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය පැවසුවේ, දිවයින පුරා ප්‍රධාන රෝහල්වලට දෛනිකව පැමිණෙන රෝගීන්ගේ සාම්පල ලබා ගනිමින් මේ වන විට පරීක්ෂණ සිදුකරන බවයි.
ජනතාව මුඛ ආවරණ පැළදීම සහ පෙර සෞඛ්‍ය පුරුදු නැවත ඇති කර ගැනීම තුළින් රෝග ව්‍යාප්ත වීම පාලනය කර ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.