26.1 C
Colombo
Monday, June 16, 2025

බොරු රැලිවලට බය වෙන්න එපා, දිනන්නේ රනිල් – මනූෂ

- Advertisement -

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආණ්ඩුවක් බලයට පත්වේ යැයි ඇතිව තිබෙන බොරු රැල්ලට බය වෙලා පසුගිය දින කිහිපයේදී ජනතාව රුපියල් බිලියන 4ක කැරලි කෝලහාල රක්ෂණ කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව මනුෂ නානායක්කාර මහතා  පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් බෙන්තොට ප්‍රදේශයේ ඊයේ (13) සවස පැවති කුඩා කණ්ඩායම් ජන හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මනූෂ නානයක්කාර මහතා මෙහිදී ජනතාවට අවධාරණය කර  සිටියේ ජනාධිපතිවරණයෙන් අනතුරුව කැරලි කෝලහාල ඇති වේ යැයි රැගෙන යන බොරු ප්‍රචාරවලට බිය නොවන ලෙසයි.   

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනූෂ නානයක්කර මහතා,

“දැන් එක පැත්තකින් කොටස් වෙළදපොල දවසින් දවස කඩාගෙන වැටෙනවා. කොටස් වෙළදපොලේ ආයෝජනය කරලා තියෙන අය කොටස් වෙළදපොලෙන් සල්ලි ගන්නවා. බැංකුවල සල්ලි දාලා තියෙන අය බැංකුවලින් සල්ලි ගන්නවා. පුලුවන්කමක් තියෙන අයගේ දරුවෝ වෙනත් රටවලට යවනවා.

එනවා කියන බොරු රැල්ලට බය වෙලා තමයි මෙහෙම වෙන්නේ.

බැදුම්කර වල මුදල් ආයෝජනය කරලා තියෙන අය ඒවා විකුණන්න හදනවා කියලා බ්ලූම්බර්ග් ආයතනය කියලා තියෙනවා. රක්ෂණ සමාගමකින් මට දැන් ටිකකට කලින් තොරතුරක් ලැබුණා. ඒ සමාගමේ අලුතින් බිලියන 4ක රක්ෂණ කරලාතියෙනවා. කැරලි කෝලහාල ඇතිවෙන්න පුලුවන් කියලා බයවෙලා කැරලි කෝලහල රක්ෂණ දාලා තියෙනවා.

බය වෙලා මෙහෙම කරන්නේ. ඒත් ඔය බොරු රැලිවලට බය වෙන්න එපා. 21 වැනිදාට හැදෙන්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. ඒක මතක තියාගන්න. මේ බොරු රැලිවලට බය වෙන්න එපා”.

RECENT ARTICLES - SINHALA

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

POPULAR ARTICLES

සර්වජන බලවේගයේ සහාය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන බලවේගය තීරණය කර තිබෙනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත්...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...