අද පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා..! – Ceypetco

අද (18) දිනයේදී පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දෙනවා. ඒ, තොග සීමිත බැවින් හෙට දිනයේ ඉන්ධන සැපයුම සීමා කෙරෙන නිසා බවයි ඔවුන් පවසන්නේ. කෙසේවෙතත් 19 වන බ්‍රහස්පතින්දා පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙනු ඇති බවත් ඔවුන් නිවේදනය කර තිබෙනවා.