32 C
Colombo
Friday, March 31, 2023

ජනපති පුටුවට පාර කැපූ තරුණයන් අමතක කරන්න එපා..! – චන්ද්‍රිකාගෙන් රනිල්ට ලිපියක්

- Advertisement -

පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ ප්‍රධානතම හේතුව බහුතර ජනතාවගේ ක්‍රියාකාරී සහයෝගය සහ ආශිර්වාදය මත තරුණ ක්‍රියාකාරිකයන් සිදුකළ අසම සම ක්‍රියාදාමය බව වික්‍රමසිංහ ජනාධිපතිතුමා අමතක නොකරනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනපතිනි චන්දිකා කුමාරතුංග මහත්මිය පවසයි.

හිටපු ජනාධිපතිනිය මේ අදහස් පළ කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳ ව සුබ පැතුම් පනිවිඩයක් නිකුත් කරමින්.

රනිල් වික්‍රමසිංහ මහතාට රටේ පාලනය භාර ගැනීමට සිදු වූයේ අප රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවක දී බවද පවසන කුමාරතුංග මහත්මිය පෙර පැවති දුර්දාන්ත පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ව පෙරලා දැමීමට බලපෑ මේ මහා ජනතා බලවේගයේ යහපත් අපේක්ෂාව වූයේ පාලකයා තමන්ගේ සුබසිද්ධිය සඳහා කටයුතු කරනවා වෙනුවට ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන, නීතියේ ආධිපත්‍ය, අවංක බව, යහපාලනය රජයන, පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම බවද පවසනවා.

ඒ් සඳහා සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම් දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍යා පාලනයට සම්බන්ධ කරගත යුතුයි. සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂාවන් සාර්ථකව ඉටු කිරීමට නම්, දේශපාලන සහ සිවිල් සමාජ නායකයින් පුළුල් පාලන රාමුවක් තුළ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරගත යුතුයැයි මම විශ්වාස කරමි. ඒ සඳහා වත්මන් පාලන ක්‍රමවේද අභිබවා යමින් නව ආයතන සහ පාලන ක්‍රමවේද නිර්මාණය විය යුතු වේ. ඒ, අප ඉතිහාසයේ මේ තීරණාත්මක අවස්ථාවේ උදාර හදවතක් සහ දූරදර්ශී දර්ශනයක් සහිත නායකයන් අප රටට අවශ්‍ය බැවිනි. මගේ දේශයේ සුබ සිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සුභාශිංසන පිරිනමමි.” යැයි සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් වනවා.


RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...