කපටි පුද්ගලයන්ගේ කපටි වැඩවලට නැවත නැවත අහුනොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, ඊයේ (09) නිදහස ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින්.
2017 වසරේ පළාත් සභා මැතිවරණයට කළ කපටි ක්‍රියාවම මෙවර පළාත් මැතිවරණය සම්බන්ධයෙන්ද ක්‍රියත්මක කරමින් සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එදා කාන්තා නියෝජනය ගැන කියමින් රැවටූ පරිදි මෙවර සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙන බවත් තවදුරටත් ඊට නොරැවටී ප්රජාතන්ත්රවාදී අයිතියක් වන මැතිවරණ වෙනුවෙන් සටන් කළ යුතුව ඇති බවත් හෙතෙම අවධාරණය කර සිටිනවා.