නැවත වතාවක් නැගිටින්න එපා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමා වැඳ ඉල්ලා සිටින බව සමඟි ජන බලවේග පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
මන්ත්‍රීවරයා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා නැගිටින වාරයක් පාසා මෙරට ගොවියා ගොවිතැනෙන් ඈත් වෙන බවයි.
ඊට අමතරව ඇති හැකි මිනිහා ද මව්බිමෙන් පලා යන බවද ඔහු එහිදී සඳහන් කළා.
දැන් රට ඇත්තේ මහා ගිනි කන්දක සටන් විරාම අවස්ථාවක බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.