තෙල් පෝලිම්වලට යන්න එපා – කංචන

ඉන්ධන නෞකා දිවයිනට පැමිණියද බෙදාහැරීම සිදුවන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මක වූ පසුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසළ ඉන්ධන පෝලිම්වල රැදී නොසිටින ලෙසයි. අදාළ.බලපත්‍ර ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම ආරක්ෂක අංශවල ආධාරයෙන් ඉන්ධනහලෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසනවා.