29 C
Colombo
Sunday, June 4, 2023

රට වහන්න එපා ජනාධිපතිතුමනි.. පොඩි මිනිහා ගැන හිතන්න – ඇමති ප්‍රසන්න රණතුංග ජනපතිට ලියයි

- Advertisement -

කිසිසේත්ම රට සම්පූර්ණයෙන් වසා නොදමන ලෙස ඉල්ලා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

එහි සදහන්වන්නේ රට අගුලු ලෑමට යෝජනා කරන කිසිවෙකුත් ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටළුවලට විසදුම් ඉදිරිපත් නොකරන බවයි.

ආණ්ඩු බලය තිබියදී මහබැංකු වංචාව සිදුකල විපක්ෂය හිස්වූ භාණ්ඩාගාරයක් වත්මන් රජයට භාරදුන් බවත් එන්නත්කරණය, වෛරස පාලනය, සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම ආදිය සඳහා වැයකිරීමට තරම් මුදලක් යහපාලන රජය ඉතිරි නොකල බවද ප්‍රසන්න රණතුංග මහතා ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා.

රට අගුළු දැමීමට යෝජනා කරන වෘත්තීය සමිතිවලට රට අගුළු දැමුවත් වැටුප් ලැබෙන නිසාවෙන් කිසිදු ආර්ථික අපහසුවක් ඇති නොවන බවද මෙම ලිපියෙහි සදහන්.

වසංගත තත්ත්වය මදක් සමනය වීමත් සමඟ රට විවෘත කල පසු ජනතාව පාලනයකින් තොරව හැසිරීම නිසා නැවතත් වසංගත තත්ත්වය ව්‍යාප්ත වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.