32 C
Colombo
Monday, March 17, 2025

කරන්න කලින් හිතන්නෙ නෑ -ආණ්ඩුවෙම මන්ත්‍රීවරයෙක් කියයි

- Advertisement -

වත්මන් රජයේ විශාලතම ගැටලුව වී ඇත්තේ යමක් ක්‍රියාත්මක කිරීමට ප්‍රථමව ඒ සම්බන්ධයෙන් සිතා බැලීමක් සිදු නොකිරීම බව ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා.

ඒ, ඊයේ (30) දින මාධ්‍ය අමතමින්.

රසායනික පොහොර තහනම මෙන්ම ගෑස් ප්‍රමාණය සම්බන්ධවද වෙනස්කම් ද සිදුවූයේ එක වර බවත් එවන් වෙනසක් සිදු කිරීමේදී අදාල විශය සම්බන්ධ ප්‍රාමාණික දැනුමකින් හෙබි පුද්ගලයන්ගේ අදහස් ලබා ගැනීමද සිදු කළ යුතු බවත් ඒ මහතා පවසනවා.

“එහෙම නොකිරීමේ තවත් ඡන්ද ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඒ නිසා මීට පස්සෙ හරි මේ වගේ තීන්දු ගද්දි විද්වතුන්ගේ අදහස් අහලා තීන්දු ගන්න කියන එක තමයි අපි කියන්නේ” යැයි ඒ මහතා පවසනවා.

එමෙන්ම. ගෑස් අනතුරු වලින් විපතට පත් ජනතාවට වන්දි දීමක් සිදුකළ යුතු බවයි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන්ට රජයෙන් ඉවත් වන ලෙසට කළ දැනුම් දීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා,

“සාගර මහත්තයා ගෙදර ගිහින් නෝනගෙන් ඇහුවා නම් කියයි මොකක්ද ඇත්තටම ගිහින් කියන්න ඕනෙ කියලා. අපිට නම් තියෙන්නේ ගෙදර නෝනා ගැනවත් පවුල ගැනවත් ප්‍රශ්නයක් නෙවෙයි රටේ මිනිස්සු ගැන ප්‍රශ්නයක්. අපි ජාතික ලැයිස්තුවෙන් නෙවෙයිනේ පත් උනේ. ඒ නිසා මිනිස්සුන්ට හැඟෙන දේ අපිට කියන්න බැරි නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදයද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ”

RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම සිද්ධියේ...

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

POPULAR ARTICLES