30 C
Colombo
Saturday, October 5, 2024

නාමල්ගෙන් ජනප්‍රිය සටන් පාඨයකට තිත

- Advertisement -

තමන් බලයට පැමිණි පසු හොරු අල්ලනවා යැයි පවසන ජනප්‍රිය සටන් පාඨයට තිත තබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (09) මහජන රැළිය අමතමින්.

හොරු අල්ලනවා යැයි පවසන සටන් පාඨය තනිකරම තම තමන්ගේ වාසිය සඳහා ජනතාව මුලා කිරීමට දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක් බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තාක්ෂණය බද්ධ වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ විනිවිදභාවයෙන් යුතු තරගකාරී ටෙන්ඩර් පටිපාටියක් රටට හඳුන්වාදෙමින් දූෂණ වංචාව තවදුරටත් මැතිවරණ සටන් පාඨයක් වීම නවතා දමන බවයි.

රාජපක්ෂ ගිණුම්වල අයතා ඉපැයීම් ඇතැයි පවසමින් රටේ ජනතාවගේ බදු මුදල් ලෝකේ වටේ ගිණුම් පරීක්ෂා කිරීමට නිකරුනේ නාස්ති කර දැමූ පිරිසක් අද ජනපති අපේක්ෂයන් ලෙස රටේ ආණ්ඩුව කිරිමට ඉල්ලමින් සිටින බව පැවසු නාමල් රාජපක්ෂ මහතා,

”දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නෙ. යහපාලන ආණ්ඩුවෙත් එහෙම්මම ආවා.කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම එක කමිටුවකට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා නඩු පිට නඩු දැම්මා. ඒ හැම නඩුවකින්ම අපි නිදොස්කොට නිදහස් උනා. වර්තමාන ජනාධිපතිවරයා, එවකට යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා පැහැදිලිව ප්‍රකාශයක් කළා ලෝකෙ වටේ ගිහිල්ලා රාජපක්ෂලාගේ ගිණුම් පිළිබඳව හෙවුවා. අයුතුලෙස උපයාගත්ත කිසි දෙයක් තියෙනවා කියලා සාක්ෂියක් නෑ කියලා. ඒ නිසයි ඒ අය නඩුවලින් නිදහස් උනේ කියලා. හැබැයි ඒ හැම පර්යේෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගේ බදු මුදල්. සමහරවිට එයාලා ණයට ගත්ත රු.බිලියන 12.5 ගන්නත් ඇති.තනිකරම ඒක දේශපාලන වේදිකාවේ හදපු සටන් පාඨයක්. ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල්වල වැසිකිළිය පවා හෑරුවා. අපේ අම්මාගේ මොන්ටිසෝරියේ සෙල්ලම් හෙලිකොප්ටරයක් තිබුණා. ඒක බලන්නත් ආවනේ හෙලිකොප්ටරයක් කියලා. ඒ වගේ බොරුවෙන් ජනතාව මුලා කළ පිරිසක් තමයි මේ රටේ ආණ්ඩුකරන්න ඉල්ලන්නෙ. වංචාව දූෂණය අපි මැතිවරණ වේදිකාවෙන් අපි අයින් කරනවා. අපි ඒක කරන්නෙ තාක්ෂණය හඳුන්වලා දීලා, ටෙන්ඩර් පටිපාටි ගෙනල්ලා. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ තරගකාරී ලන්සු ක්‍රමයට ටෙන්ඩර් පටිපාටියක් හඳුන්වලා දීලා තාක්ෂණයත් එක්ක බද්දකර දීලා විනිවිදභාවය හා ගුණාත්මකභාවය ආරක්ෂාවන වැඩපිළිවෙලක් හඳුන්වාදෙනවා.අපි මතක තබාගන්න ඔ්න අපි ගණුදෙනු කරන්නෙ ලෝකයත් එක්ක.අපි ගනුදෙනු කරන්නෙ මේ රටේ මේ මාතෘභූමියෙ පය ගහලා ඉන්න දෙමාපියන්ගෙ දරුවන්ගෙ ආර්ථිකය සුරක්ෂිත කරන්න.තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෙන්න පුළුවන් අයෝජන,නිෂ්පාද හෝ සේවා අංශයේ වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශවල වෙන්න පුළුවන්. රැකියා ලක්ෂ 20ක් ඊළඟ අවුරුදු දහය තුළ ඔබේ දරුවා වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම බාරගන්නවා කියන එක ඔබ තමුන්නාන්සෙලාට ප්‍රකාශ කරනවා”

RECENT ARTICLES - SINHALA

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව, විභාග...

RMV ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

බස් රථ 03ක පරම අයිතිය අයිතිකරු වෙත පවරාදීම සඳහා රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු...

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ...

POPULAR ARTICLES

පාස්කු වාර්තා අස්ථානගතවීම ගැන නාමල් අප්සෙට් වෙලා

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අස්ථානගත වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් තමා කණස්සල්ලට පත්වන බව ශ්‍රී...

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

පහුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 241ක් ඉඳලා

පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා ජනාධිපතිවරයා විසින් විසුරුවා හරිනු ලැබූ 09 වැනි පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 241 දෙනෙකු නියෝජනය කර තිබෙනවා. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,මෙම කාලසීමාව...