28 C
Colombo
Saturday, April 19, 2025

අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් වැටුණු පාසල් සිසුන්ගේ මරණය ගැන සැකයක් ?

- Advertisement -

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පැමිණි සිටි නීතිඥ අසංක දයාරත්න මහතාට දැනුම් දී තිබුණා.

අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත බවට සිසුවාගේ පියා ප්‍රකාශ කර තිබෙන බැවින් ඔවුන්ගේ මරණයට සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ අසංක දයාරත්න මහතා ඊයේ (08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ, එම සිසුන් දෙදෙනාගේ මරණය සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත්, මරණයක් සැකසහිත බවට චෝදනා ගොනුකළ යුත්තේ පොලිසිය බවයි.

දැනටමත් කොම්පඤ්ඤවීදිය පොලිසිය බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බැවින් එහි ගොනු අංකය ලබාගෙන අදාළ පැමිණිල්ල පොලිසියට සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා පැවසුවා.

කොම්පඤ්ඤවීදිය පොලිසිය පසුගියදා බී වාර්තාවක් මගින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝගයක්ද නිකුත් කළා.

මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත්, එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත් එම අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

එම පකිස්තාන ජාතික සිසුවාගේ පියා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ තානාපති වරප්‍රසාද ඇති ඉහළ නිලධාරියෙකුගේ පුත්‍රයෙක් වූ බැවින් එම සිසුවාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපොහොසත් වූ බවද එහිදී කොම්පඤ්ඤවීදිය පොලිසිය පැවසුවා.


RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...