28.4 C
Colombo
Friday, April 26, 2024

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියන්නේ බොරු..! – රාජ්‍ය අමාත්‍ය චන්න

- Advertisement -

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා විසින් ඖෂධ සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සිය විරෝධතාව ප්‍රකාශ කර සිටිනවා.

ඒ, ඊයේ (31) දින මාධ්‍ය අමතමින්.

මෙරට නිෂ්පාදනය කළ තයිරොක්සින් ඖෂධයේ ප්‍රමිතිය අභියෝගයට ලක්කරමින් වෛද්‍ය ජයරුවන් මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තයිරොක්සීන් ඖෂධය ලබාගත් පුද්ගලයන් එහි ප්‍රතිඵලයක් නොමැති බව වෛද්‍ය ජයරුවන් මහතා විසින් ප්‍රකාශ කර සිටින නමුත් රත්මලාන ඖෂධ නිෂ්පාදන පරිශ්‍රයේ නිපදවූ එම ඖෂධය මෙතෙක් වෙළඳපොළට නිකුත් කොට නොමැති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

මේ අතර, ඊයේ (31) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම් දී තිබූ නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව එම ප්‍රකාශය ලබාදීම සඳහා ඔහුට තව දින 14ක කාලයක් ලබාදී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...