28.5 C
Colombo
Wednesday, April 24, 2024

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හෙට CIDයට

- Advertisement -

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය රසිත විජේවර්ධන මහතා සහ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති උත්පල චන්ද්‍රවංශ මහතා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා හෙට(31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) හමුවට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඖෂධ පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක දී කළ විග්‍රහයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට දැනුම්දීමක් කර ඇති බවයි පැවසෙන්නේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත වාර්තා මකා දැමීමේ සිද්ධිය මෙන්ම ඖෂධ නිෂ්පාදනය පිළිබඳව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව ඔහුව පුත්තලම...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...

දියතලාවේ ධාවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විරෝධය

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයින් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට අදාළව ධාවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව සුපර්ක්‍රොස් ධාවකයින්ගේ සංගමය පවසනවා. ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...