තමා උසස් අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ සමයේදී විශ්වවිද්‍යාල තුල පැවති ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිළිතුරු දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක පවසනවා.
ඒ, අද (25) දින මාධ්‍ය අමතමින්.
එසේ විශ්වවිද්‍යාල ත්‍රස්තවාදය මර්දනය කිරීමෙන් අනතුරුව රටේ සෑම විශ්ව විද්‍යාලයකටම තමා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂව රැගෙන ගිය බවයි ඔහු පවසන්නේ.
කෙසේ නමුත් එම තත්වය නැවත වෙනස් වී ඇති බවත් විශ්වවිද්‍යාල තුල රාත්‍රියේ කංසා සහ කසිප්පු පානය කරමින් පිරිසක් රැඳී සිටින බවත් බලධාරීන් ඒ සම්බන්ධව නිහඬ බවත් මන්ත්‍රීවරයා පවසනවා.
තමාට අධ්‍යාපන අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙසට පැවසුවද උසස් අධ්‍යාපනය ගොඩ නැගීමට කාලයක් අවශ්‍ය බවයි එස්. බී. දිසානායක පෙන්වා දෙන්නේ.