27.7 C
Colombo
Thursday, April 25, 2024

කිරි කියල බොන්නේ කිරි නෙමෙයි – ලුණු වලත් ප්ලාස්ටික් – හිටපු රේගු අධ්‍යක්ෂ

- Advertisement -

වර්තමානය වන විට ආහාර වල සුරක්ෂිතතාවය පිළිබඳව බරපතළ ගැටලු මතුව ඇති බව හිටපු රේගු අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවක එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ වගකිව යුත්තන් සිය වගකීම පැහැර හැරීම සහ නීතියේ පවතින දුර්වලතා හේතුවෙන් මෙම තත්වය ඇතිවී ඇති බවයි.

මෙරට දී සිදුකරන ලද පරීක්ෂණයක දී ලුණු වල ප්ලාස්ටික් සංඝටක අඩංගු බව තහවුරු වූ සිදු වීමක් පිළිබඳව මෙන්ම දන්තාලේප ෂැම්පු වර්ග ඇතුළු බොහෝ ආලේපන වල පිළිකා උත්තේජක නැනෝ ප්ලාස්ටික් අන්තර්ගත බව ද ඔහු හෙළිකර තිබෙනවා.

මීට අමතරව කිරි ලෙස හදුන්වමින් අප භාවිතයට ගන්න බොහෝ සංඝටක කිරි නොවන බවට වූ අනාවරණයක් ද හිටපු රේගූ අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

බොහෝ බහුජාතික සමාගම් සත්‍ය තොරතුරු වසන් කරමින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කරමින් සිටින බවත් බොහෝ මාධ්‍ය ආයතන මෙහි සැබෑ තත්වයන් ජනතාවට වසන් කරමින් සිටින බවත් මෙහිදී අනාවරණය කර තිබීම විශේෂත්වයක්.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...