ශ්‍රී ලංකාවේ පළමු වරට ඩ්‍රෝන යන්ත්‍ර යොදාගනිමින් කුඹුරු යායකට කාබනික දියර පොහොර ඉසීමේ අත්හදා බැලීමේ වැඩසටහනක් ඊයේ (25) රත්ගම පන්විල යායේ දි සිදුකෙරණා.
එම තාක්ෂණය පිළිබද ගොවින් දැනුවත් කිරිම හා අත්හදා බැලිමක් වශයෙන් ඩ්‍රෝනා යානාවක් උපයෝගි කරගෙන කාබනික දියර පොහොර ඉසිම මෙහිදී අත්හදා බැලුණා.
ඒ අනුව පන්විලයායේ කුඹුරු අක්කර එකහමාරකට පමණ ඩ්‍රොන යානාව යොදාගනිමින් කාබනික දියර පොහොර ඉසනු ලැබූවා.
පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය ඇමැති නිතිඥ මොහාන් පි දි සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා.


