31 C
Colombo
Wednesday, March 19, 2025

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

- Advertisement -

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව එම නිවේදනයේ සඳහන්.

පානීය ජල සැපයුම සීමාසහිත වන බැවින් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදාහැරිය යුතු බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිතා කිරීම අවම කොට අවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් භාවිතා කරන මෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරිමේදි අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

කෙසේ වුවත් මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණදීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය උපරිමව කටයුතු කරන අතර මෙම අවස්ථාවේ සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විමසීම් – 1939 ඇමතුම් මධ්‍යස්ථානය

RECENT ARTICLES - SINHALA

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

POPULAR ARTICLES