දකුණු කොරියානු තාක්‍ෂණ දැවැන්තයෙක් වන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්හි කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් දින නියමයක් නොමැතිව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙන බවට විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ වඩා හොඳ වැටුප් සහ ප්‍රතිලාභ ඉල්ලමින්.
මීට පෙරද ජාතික සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සංගමය තෙදින මහා වැඩ වර්ජනයක් පවත්වා තිබුණා.
කෙසේ නමුත් තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට කළමනාකාරීත්වය කිසිදු අදහසක් නොදැක්වීම හේතුවෙන් මෙලෙස දින නියමයක් නොමැතිව වර්ජනය කිරීමට එක්වන බව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් හි කම්කරුවන් පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එහි සාමාජිකයින් 30,000 ක් පමණ මෙම වැඩ වර්ජනයට සහභාගීවන බැවින් එහි ක්‍රියාවන් සැම්සුන් සමාගමේ නිෂ්පාදනය අඩාල කිරීමට සමත්වනු ඇති බව පැවසනවා.
කෙසේ වෙතත් වැඩ වර්ජනය නිසා නිෂ්පාදන මාර්ගවල කිසිදු බාධාවක් සිදු නොවන බවට සහතික කරන සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම වෘත්තීය සමිතිය සමඟ සද්භාවයෙන් සාකච්ඡා කිරීමට කැපවී සිටින බවට පවසා තිබෙනවා.