28.4 C
Colombo
Wednesday, July 9, 2025

අපහාස නිසා කොට්ටහච්චිට මානසික ප්‍රතිකාර ගන්න වෙලා

- Advertisement -

සමාජ ජාලාවල පළ කරන අසත්‍ය හා අපහාසාත්මක සටහන් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය දැඩි මානසික ආතතියට සහ අසහනයට පත්ව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.

කොට්ටහච්චි මහත්මිය සම්බන්ධයෙන් අපහාසාත්මක සටහනක් සමාජ ජාල ඔස්සේ පළ කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර රන්මුණි මහතා පසුගියදා (03) අධිකරණ ඉදිරිපත් කරමින්  මේ බව සඳහන් කර තිබුණා.

එහිදී  කොළඹ ජාතික රෝහලේ මානසික සෞඛ්‍ය සායනයෙන් ප්‍රතිකාර ගන්නා ලෙස ඇයට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට කියා සිටියා.

මෙම සටහන හේතුවෙන් තමන් දැඩි ලැජ්ජාවට බියට මානසික අපහසුතාවයට මෙන්ම සමාජයේ අපකීර්තියට ලක්ව ඇති බවත් නිවැසියන් පවා තමන් අප්‍රසාදයට පත්කර ඇති බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ල මගින් දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, මෙම සටහන හේතුවෙන් ඇති වූ මානසික අසහනය හා පීඩාවට ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් ඇයට වැඩිදුර මානසික ප්‍රතිකාර අවශ්‍ය බැවින් ජාතික රෝහලේ මානසික රෝගී සායනයට යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබුණා.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා. 

තවද මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස සැකකරුට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමටද නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

2030 දී ඩිජිටල් ආර්ථිකයක්

වසර 2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල්...

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

POPULAR ARTICLES