27 C
Colombo
Friday, April 19, 2024

බදු සංශෝධන නිසා භාණ්ඩවල මිල යළි ඉහළට?

- Advertisement -

ලබන 09 වනදා යළි බදු සංශෝධනය පනතක් ඉදිරිපත් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඊයේ (04) රුවන්වැල්ල ප්‍රදේශයේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදී ඉදිරිපත් කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව බදු පනතක් සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍යය බවයි.

“09 ව්නාද බදු සංශෝධන පනතක් ඉදිරිපත් වෙන්නේ නැහැ.බොහෝ විට ලබන සතියේ 13 හෝ වෙනත් දිනක ඉදිරිපත් වේවි. අනෙක් කාරණාව ඉදිරිපත් වෙන සංශෝධන කිසිවක් මෙවර අයවැය ලේඛණයට සම්බන්ධ නැහැ. අතුරු අයවැය ලේඛණයේ තිබුණු යම් යම් කරුණු මේ අයවැය ලේඛණයට පෙර ඉදිරිපත් වුණු කරුණු.
විශේෂ කාරණාව තමා යම් සංශෝධන නිසා කිසිම වෙලාවක භාණ්ඩවල මිල වැඩි වෙන්න හේතුවක් නැහැ. මොකද ඉදිරිපත් වන ගොඩක් සංශෝධන සෘජු බදු සම්බන්ධයෙන්.

වක්‍ර බද්දක් විදියට වැඩිවෙන්නේ එකම එක දෙයයි. ඒ එපාර්ට්මන්ට් වගේ ගොඩනැගිලි සඳහා වූ වැට් බද්ද වැඩිවෙනවා. කවුරු හරි අයෙක් ගොඩනැගිල්ල හදලා පළමුවර විකිණීමේ විතරයි ඒ බද්ධ අයත් වෙන්නේ. නමුත් නැවත විකුණනකොට මේ බද්ද අයත් වෙන්නේ නැහැ. මේ බදු සංශෝධන නීති බවට පත්වෙන්නේ බොහෝ විට ජනවාරි මාසයේ පළමු වනදා ඉඳන්. හැබැයි සියලු භාණ්ඩවල මිල ඉහළ යනවා කියන එක කොහොමත්ම සිදුවන්නේ නැහැ කියලා මම වගකීමෙන් කියනවා.”

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...