සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මහතා දේශපාලන ජීවිතය සමුගන්නා බව පැවසුවා.
අද (27) පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව සදහන් කර සිටියා.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය .
මම දේශපාලනයට අවේ 1989 දී. 1991 දී බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව වුනා. පසුව විපක්ෂ නායකවුනා. සභාපති උනා. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා. අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා.අවුරුදු හතරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා. අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා .එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක්.අවංකව දේශපාලනය කලා. මම සතුටු වෙනවා. මම දේශපාලනයට ආවේ පාපැදියක් නැතිව ආවේ. යන්නෙත් එහෙමමයි. මට ජනතාව වියදම් කලේ. සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම එහෙත් සොරකම් කලේ නෑ .
සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ඇත්තේ කලකිරීමක්. එහි නම සමගි උනාට ඇතුලේ සමගියක් නැහැ.