32 C
Colombo
Sunday, June 4, 2023

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිසා පොලිසිය සෞඛ්‍ය සේවකයන්ට බාධා කරනවා (වීඩියෝ)

- Advertisement -

සෞඛ්‍ය සේවාව යනු වෛද්‍යවරුන් පමණක් යැයි බොහෝ දෙනා සිතාගෙන සිටින බවත්, රෝහල් යනු වෛද්‍යවරුන් හැර තවත් සෞඛ්‍ය සේවකයන් විශාල පිරිසක් සේවය කරන ස්ථානයක් බව පොලීසියේ ඉහළ නිළධාරීන් පවා නොදැනුවත්ව කටයුතු කරන බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

මෙම තත්වය හමුවේ වෛද්‍යවරුන් හැර සෙසු සෞඛ්‍ය සේවකයන්ට බරපතල අසාධාණයක් සිදුව ඇති බවයි එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.

රටපුරා සංචරණ සීමා පනවා තිබියදී රෝහල්වල කටයුතු අඛණ්ඩව පවත්ව‍ාගෙන යාමට සෞඛ්‍ය සේවකයන්ට සේවයට වාර්තා කිරීමට අවසර ලබා දී ඇති නමුත් ඒ සඳහා පොලීසියෙන් විවිධ බලපෑම් එල්ල වන බව කුමුදේශ් මහතා පවසනවා. මීට හේතුව වී තිබෙන්නේ පොලීසියේ ඉහළ බළධාරීන් විසින් මාර්ගවල රාජකාරි කරන සාමාන්‍ය පොලිස් නිළධාරීන් නිසි පරිදි දැනුවත් නොකිරීම බවද ඔහු සඳහන් කරනවා.

සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරුන් පමණක් නොව තවත් විශාල සේවකයන් පිරිසක් සම්බන්ධ වී සිටින බවත් ඒ පිළිබඳව පොලීසිය දැනුවත්ව නොමැති නම් සේවාවලින් ඉවත් වී හෝ ඒ පිළිබඳව රටට දැනීමට ඉඩ හැරීමට සෞඛ්‍ය සේවකයන්ට සිදුවන බවත් රවී කුමුදේශ් මහතා පවසනවා.

වෛද්‍යවරුන් යැයි සීල් ගසා‍ගෙන සෙසු පුද්ගලයන් සංචරණ සීමා කඩ කරන බවට ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් පොලිස් නිළධාරීන් සෞඛ්‍ය සේවකයන්ට බාධා කරන බව පෙන්වා දෙන රවී කුමුදේශ් මහතා පවසන්නේ ජනාධිපතිවරයා පවා ‍රෝහලක් පාලනය වන්නේ කෙසේද යන්න පිළිබඳව නිවැරදි අවබෝධයකින් කටයුතු නොකරන්නේද යන සැකය මතුවන බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...