24 C
Colombo
Tuesday, March 21, 2023

ඩල්ස් – සජිත් මිතුදම ඇරඹේ..!

- Advertisement -

විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර අද දිනයේ ගොඩනැගී ඇත්තේ, මතවාදයකට වඩා සම්මුතිවාදයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ, අද (19) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අනුප්‍රාප්තික ජනාධිපති ධූර අපේක්ෂක ඩලස් අලහප්පෙරුම සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩලස් අලහප්පෙරුම පවසා සිටියේ, අද දිනය “සම්මුතියේ දිනය” ලෙස නම් කරන ලෙසයි.

“විශේෂයෙන්ම ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට පත්වුණ වේලාවක් මේක. බොහෝ වේලාවට දියවන්නාවෙන් වට වුණු පාර්ලිමේන්තු දූපතේ ඉන්න දූපත්වාසීන්ට තේරුම් ගන්න බැරි වුණා දුපතෙන් එළියේ ජනතාවගේ හඬ. ඔවුන් ඉල්ලා සිටියේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න කියලා. මිනිසුන් වෙනුවෙන් එකතුවෙන්න කියලා. අන්න ඒ එකතුවයි මේ වෙලා තියෙන්නේ. බලලෝභීව නෙමෙයි. මම කෘතඥය වෙනවා විපක්ෂ නායකතුමාට ඊයේ දවස වෙනකල් පක්ෂයක් විදියට තීන්දු අරගෙන තිබුණා එතුමාත් මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා. මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. එතුමා විශාල කැපකිරීමක් කළා. ඒක කෘතවේදීත්වයේ කැපකිරීමක්. මට ඒ පිළිබඳ කියන්න කිසිදු චකිතයක් නෑ. මීට පසසේ අපි රටින් ඉල්ලන්නේ, පාර්ලිමේන්තුවේ මේ ලබාදුන් පරමාදර්ශය ජාතීන්, පක්ෂ ලෙස බෙදෙන්නේ නැතුව රටේ පරමාදර්ශය බවට පත්කර ගන්න. එහෙම නැතුව එක පක්ෂයකට, එක නායකයෙකුට මේ අර්බුදයෙන් රට ගොඩනගන්න බෑ. අන්න ඒ යථාර්ථයටයි අපි හිස නැමුවේ. මේ රටේ ප්‍රශ්නවලින් මිනිස්සුන්ව මුදවා ගන්න ඕනේ කියන අධිෂ්ඨානය අද දවසේ ඇති කරගමු කියලා මම යෝජනා කරනවා. අද නාමයෝජනා භාරදුන්න අයටත් අපි ආරාධනා කරනවා. අපි කණ්ඩායම් ලෙස ජනතාවගේ හැඟීම් තේරුම් ගෙන සම්මුතියේ දිනය යථාවත් කරමු.”

රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා දෙමින්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්මක කිරීමත් රට ආර්ථික සමාජ සංස්කෘතික වශයෙන් පෙරට රැගෙන යාමත් උදෙසා කැප වෙමින් මෙම තීන්දුව ගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ රටේ ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම තමයි ඒකායන පරමාර්ථය බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ඇප කැපවෙන බවද මෙහිදී පවසා සිටියා.

“මේ කැපකිරීම අපි කළේ පොදු ජනයා වෙනුවෙන්. පෞද්ගලික දේශපාලන ජයග්‍රහණ රටේ ජයග්‍රහණ බවට පත්විය යුතුයි. පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ අති මහත් බහුතරයක් අද අපත් සමග එකතුවෙලා තිබෙනවා මේ නැවුම්, නිර්මාණශීලි අලුත් ගමනට එකතු වෙන්න. මේ ගමනේ ඒකායන අරමුණ, රට ශක්තිමත් කර, රට ආරක්ෂා කර, පොදු ජනයා ජීවත් කරවීම. මේ මොහොතේ රට වැටී තිබෙන ආර්ථික, සමාජීය, අර්බුදය ගොඩ ඒම අභියෝගාත්මක කාර්ය භාරයක්. නමුත් එය අමාරුවෙන් හෝ ගඩොලින්, ගඩොල වැලි කැටයෙන් වැලි කැටය රට ගොඩනැගීමේ ඒ ප්‍රශස්ථ සැලැස්ම අප සතුව තිබෙනවා. එය ක්‍රියාත්මක කිරීමේ කුසලතාවයෙන් හෙබි ප්‍රබුද්ධ කණ්ඩායම අප සතුව තියෙනවා. දැන් අපට කළයුතුව තිබෙන්නේ, ඒ නිර්මාණශීලි සැලසුම් මහපොළොවේ යථාර්ථයක් බවට පත්කිරීමයි.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.