24 C
Colombo
Sunday, February 16, 2025

දුමින්ද නැවතත් බන්ධනාගාර රෝහලට

- Advertisement -

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මරණීය දණ්ඩනය නියමව සිටින දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබෙනවා.

දුමින්ද සිල්වා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා දිය යුතුද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුගියදා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කර තිබුණා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂඥ වෛද්‍යවරුන් 18කින් යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කරනු ලැබුවා.

එම වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශ අනුව දුමින්ද සිල්වාට වැලිකඩ බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත්, හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණා.

ඒ අනුව, ඔහු පසුගිය 10 වනදා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේවෙතත් එම වාට්ටුවේ රදවා සිටින අවස්ථාවේ දී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ මත පසුගිය 11 වනදා අලුයම 02ට පමණ ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී.බී. දිසානායක මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව ඊයේ (12)  දිනයේ දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES