28.4 C
Colombo
Wednesday, July 9, 2025

Exclusive: වලිප්පුව යැයි කියා දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට ඇතුළුවෙයි

- Advertisement -

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වන ආර්. දුමින්ද සිල්වා යන අය මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බවට News19 වෙත තොරතුරු වාර්තා වනවා.

වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් ඔහු පීඩි විදින බැවින් ඊට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල්ගතව ඇති බවයි වාර්තා වන්නේ.

භාරත ලක්ෂ්මන් ඝාතන සිදුවීමෙන් අනතුරුව දුමින්ද සිල්වා රෝහල්ගතවී සිටියදී ඔහුට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියම මෙවරත් ඔහුට ප්‍රතිකාර කරමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව මේ වන විට ජයවර්ධනපුර රෝහලේ 18 වන වාට්ටුවෙහි ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

රට පුරා ඇතිවූ විරෝධතා රැල්ලත් සමඟ පසුගිය මැයි 07 වනදා ආර්. දුමින්ද සිල්වා යන අය විදෙස්ගතව තිබුණා.

කෙසේවෙතත් මීට දින කිහිපයකට පෙර ඔහු නැවතත් දිවයිනට පැමිණ ඇති අතර ඊයේ (31) ලබාදුන් නඩු තීන්දුවත් සමඟ ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට නියෝග කර කළා.

පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියමව සිටි හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන අයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූනි 24 වනදා ජනාධිපති සමාව ලබාදී තිබුණා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES