28.4 C
Colombo
Saturday, June 21, 2025

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ එක් චෝදනාවකින් දුමින්දට නිදහස

- Advertisement -

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ 17 වැනි චෝදනාවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා හා චමින්ද රවී ජයනාත් ඇතුළු විත්තිකරුවන් සියලුදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංඛ මහතා ඊයේ (13) එම විත්තිකරුවන්ට දැනුම් දී තිබෙනවා.

නීතිවිරෝධී T56 ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම, ඒ සඳහා ආධාර අනුබල දීම හා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, 17 වැනි චෝදනාව ගොනුකර තිබුණා.

2018 වසරේ ඔක්තොම්බර් 11 වැනිදා නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව මහාධිකරණය විසින් ආර්. දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට 2016 සැපැතැම්බර් 08 වැනිදා එකී චෝදනාවට නියම කළ ජිවිතාන්තය දක්වා වූ සිරදඬුවම බලශුන්‍ය වන බවත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සරත් බණ්ඩාර (එස්.එෆ්. සරත්) යන විත්තිකරුවන්ට විනිසුරුවරයා පහදා දී තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ආර්.දුමින්ද සිල්වා මහතා, මෙම අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර  බන්ධනාගාර නිලධාරීන් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විත්තිකාර ආර්.දුමින්ද සිල්වා මහතාට දැනුම් දෙන ලෙස කරුණු සළකා බැලූ විනිසුරුවරයා නියෝග කළා.

එමෙන්ම මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ එකී තීන්දුව අනුව 7 වන විත්තිකාර සරත් බණ්ඩාර නැමැත්තාට නව බන්ධනාගාර බලපත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසටද මහාධිකරණ රෙජිෂ්ට්‍රාර්වරයාට නියෝග කර ඇති බවද සඳහන්.

මෙහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ රවින්ද්‍ර ද සිල්වා මහතා පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

O/L ප්‍රතිඵල ගැන පුවත: අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයේප්‍රතිඵල අද (21) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වන පුවත...

පුංචි ඡන්දය: සභිකයින් 200කගේ නම් තාමත් නැහැ

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින් 200 කට ආසන්න සංඛ්‍යාවකගේ නම් තවමත් ලැබී නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක...

අලුත් සූර්ය බලශක්ති පද්ධතිවලට ගාස්තු සංශෝධනයක්

ජුනි මස 16 වැනිදා කැබිනට් මණ්ඩල තීරණයකට අනුව අලුතින් ගිවිසුම්ගත වන සූර්ය බලශක්ති පද්ධති සඳහා වන ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝවොට් 5 දක්වා...

POPULAR ARTICLES