27.4 C
Colombo
Wednesday, June 7, 2023

දුමින්දගේ නඩුව ඇහුවෙ යහපාලන රජය නෙවෙයි, මහින්ද රාජපක්ෂ රජය යටතේයි

- Advertisement -

දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබාදීම හරහා සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට යාමට පෙර දෙවරක් සිතන බව ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ශ්‍රී ලංකාව රටක් ලෙස දැනටමත් අපකීර්තියට පත්ව ඇති බවත් GSP+ සහනය වැනි දෑ නොලැබීමේ තත්වයක් අභියස සිටියදී මෙම ගැටළුව ජාත්‍යන්තරයට රැගෙන යාම හරහා දුක් විඳීමට සිදුවන්නේ රටේ දුගී ජනතාවට මිස ප්‍රභලයන්ට නොවන නිසා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සිතමින් සිටින බවයි ඇය පවසන්නේ

එමෙන්ම, මෙම නඩු තීන්දු සම්බන්ධයෙන් යහපාලන රජය ඈඳා ගැනීමට දරන උත්සාහයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සිහිපත් කර සිටින්නේ 2011 මෙම සිද්ධිය සිදුවන විට පැවතියේ මහින්ද රාජපක්ෂ රජයක් බවත් 2015 වන විට නඩු කටයුතු සියල්ල අවසන්ව තිබූ බවත් ය.

එමෙන්ම, ත්‍රිපුද්ගල සහ පංචපුද්ගල අධිකරණ මගින් ලබාදුන් නඩු තීන්දු වලට මෙලෙස බලපෑම් කිරීම හරහා නරක පූර්වාදර්ශයක් සැපයෙන බවත් නීතිය කෙරෙහි අපරාධකරුවන්ට ඇති බිය නැති වීමට මෙවැනි දෑ හේතුවන බවත් පෙන්වා දෙන ඇය, තමන්ට සහ තමන්ගේ දියණියට පවතින තර්ජන හමුවේ කිසියම් හානියක් සිදුවවහොත් ඊට වත්මන් ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

සාපෙළ විභාග වංචා තුනක් වාර්තා වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව වංචා සිද්ධීන් තුනක් ඊයේ (06) දින වාර්තා වී තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව...

යකඩ මිල ගණන් සීඝ්‍රයෙන් පහළට

යකඩවල මිල ගණන් 50%කින් පමණ අඩු වී ඇති බව යකඩ ආනයනකරුවෝ පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ආරම්භයේ දී...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...