24 C
Colombo
Sunday, January 19, 2025

මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරක පැමිණීම මිලියන 2 ඉක්මවයි

- Advertisement -

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

දෙසැම්බර් මස පළමු භාගයේදී පමණක් සංචාරකයින් 97,115 ක් පැමිණ ඇති අතර, එය සාමාන්‍යයෙන් දිනකට සංචාරකයින්ගේ පැමිණිම් 6,474 ක් වෙනවා.

එමෙන්ම දෙසැම්බර් මාසයේ මේ වන තෙක් සංචාරකයින් 193,471 ත් 229,644 ත් අතර සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.

දෙසැම්බර් පළමු භාගයේදී වැඩිම සංචාරක පිරිසක් ලෙස ඉන්දියාවෙන් 21,174ක් පැමිණ තිබුණා.

තවද, රුසියාව සංචාරකයින් 13,762 ක් ද, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 7,417 ක් ද, ජර්මනියෙන් සංචාරකයින් 6,574ක් පැමිණ තිබෙනවා. සහ ඔස්ට්‍රේලියාව සංචාරකයින් 5,198ක් පැමිණ තිබෙනවා.

2023 වසර සඳහා ඉන්දියාවෙන් සංචාරකයින් 385,267 ක් ද, රුසියාවෙන් සංචාරකයි 180,414ක් ද, එක්සත් රාජධානියෙන් සංචාරකයි 166,999ක් ද පැමිණ තිබෙනවා.

සංචාරක අධිකාරිය විසින් 2024 දී සංචාරකයින් මිලියන 2.1ක් පිළිගැනීමට අපේක්ෂා කරන අතර, මෙම වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 3ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂිතයි.

ප්‍රථමයෙන් මෙම වසරේ සංචාරක පැමිණීම් මිලියන 2.3ක ඉලක්කයක් තබා තිබුණා.

එහෙත්,මාස කිහිපයක් තිස්සේ පැවති වීසා බලපත්‍ර ගැටළු සංචාරකයින්ගේ පැමිණීමට බාධා එල්ල කළ අතර, ඒ හේතුවෙන් මෙම ඉලක්ක සපුරා ගැනීමට යම් ප්‍රමාණයකට බලපා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

POPULAR ARTICLES