මහනුවර සහ වික්ටෝරියා වැව අවට මෑතදී ඇති වූ භූමිකම්පා සිදුවීම් ස්වාභාවික සිදුවීම් වන අතර අසල ඇති හුණු ගල්වලවල්වල ගල් කැඩීම හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ඒ පිළිබදව සොයාබැලීමට පත්කල විශේෂඥ කමිටුව නිගමනය කර තිබෙනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතාගේ ප්‍රධානත්වයෙන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් විසින් අද දින (05) සිය වාර්තාව පරිසර අමාත්‍ය මහින්ද අමරාවීරට භාර දෙනු ලැබූවා. 2020 අගෝස්තු 29 සිට දෙසැම්බර් 5 දක්වා කාලය තුළ මහනුවර ප්‍රදේශයේ වාර්තා වූ භූමිකම්පන සිදුවීම් දහයක් පිළිබඳව අධ්‍යයනය කළ කමිටුව කියා සිටියේ, මෙහිදී රිච්ටර් පරිමාණයෙන් 2 ට නොඅඩු සුළු භූ කම්පන වාර්තා වී ඇති බවයි. කෙසේ වෙතත්, ආරක්ෂිත පියවරක් ලෙස වික්ටෝරියා වේල්ල වටා මීටර් 100 ක පරිමිතියක පිහිටි සියලුම ගල්වලවල් වසා දැමීමට විශේෂඥ කමිටුව නිර්දේශ කර තිබෙනවා. විශේෂඥ කමිටුව පෙන්වා දෙන්නේ මෑතකදී සිදුවූ මෙම සිදුවීම් මගින් වේල්ලට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි.
මහනුවර භූමිකම්පා හුණුගල් ගල් නිසා නොවේ. සියල්ල ස්වාභාවික සිදුවීම්.

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මාතර ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද පුහුල්වැල්ල, වැලිගම, මාතර, අකුරැස්ස, වැලිපිටිය, හක්මණ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඉදිරි පැය...
ලාෆ් ගෑස් මිලත් ඉහළට
ලාෆ් ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 150 කින් වැඩි වී...
කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා.
දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...
POPULAR ARTICLES
නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්
නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්
උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...
රන් මිල පහළට
පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා.
ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ,
රන් අවුන්සය - රු.597,449.00
කැරට්...