30 C
Colombo
Monday, March 20, 2023

පාස්කු ප්‍රහාරය: රනිල්ට සිරිල් ගාමිණි පියතුමාගෙන් අතුල් පහරක්

- Advertisement -

හැකියාවක් තිබියදීත් එදා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු නොකර වත්මන් වැඩ බලන ජනාධිපතිවරයා දැන් ජාත්‍යන්තර පොලිසියේ සහයෝගය ලබා ගෙන ස්වාධීන පරීක්ෂණයක අවශ්‍යතාව අවධාරණය කිරීම පිළිගත නොහැකි කරුණක් බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමා පවසනවා.

සිරිල් ගාමිණි පියතුමා මේ බව පැවසුවේ, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින්.

පියතුමා මාධ්‍ය හමුවේදී කියා සිටියේ, වැඩ බලන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හුදු රැවටීමක් පමණක් බවත් මෙය පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ටත් ඊට සාධාරණත්වයක් හා යුක්තිය අපේක්ෂා කරන සියලු දෙනාටම සිදු කරන නිග්‍රහයක් බවයි.

”ඔහු මේ මැරිච්ච මිනිස්සුන්ගේ ලේ මතින් ඒ වගේම මැරිච්ච මිනිස්සු හා ඉන් පීඩාවට පත් වෙච්ච මිනිස්සුන්ගෙ දුක වේදනාව කඳුළ මතින්, සාධාරණත්වය ඉල්ලා අරගලයක නියැළුණු කතෝලික හා අන්‍යාගාමික ජනතාවගේ මේ කරපු අරගලය මතින් ඇවිල්ලා ජනාධිපති බලය ලබා ගන්න දරන උත්සාහයක්”

ඒ අනුව තවදුරටත් මෙවැනි දේ ඔස්සේ ජනතාව රැවටීමට උත්සාහ නොකරන්නැයි, අවාධරණය කළ සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කර සිටියේ, ජනතාව දේශපාලකයන්ගේ වංචාකාරී රැවටිලිකාරී උත්සාහයන්ට තවදුරටත් රැවටීමට සූදානම් නොමැති බවයි.

”මෙන විදිහෙ රජයක් පත්වුණත්, මොන විදිහෙ ජනාධිපතිවරයකේ පත් වුණත් අපි පාස්තු ප්‍රහාරයට සාධාරණත්වය ලබා ගන්නට කරන අරගලය හා තවදුරටත් ඉදිරියට ගෙනියනවා. ඒක නවතින එකක් නෙවෙයි. නීතිය ඔස්සේ සාධාරණත්වය යුක්තිය ඉටුවන තුරු”


RECENT ARTICLES - SINHALA

වසන්ත මුදලිගේ ෂැන්ග්‍රිලා ගියාද? ඇත්ත මෙන්න

0
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ මහතා සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

පොර්ට් සිටියේ සංගීත ප්‍රසංගයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා

කොළඹ වරාය නගරයේ පවත්වන ලද සංගීත ප්‍රසංගයට සහභාගී වූ 24 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයකුට පහර දී ඝාතනය කර තිබෙනවා. පොලීසිය...

ඩොලර් එක 185 වෙනවා – රනිල්

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයට පැමිණීමෙන් පසු ඩොලරයේ අගය රුපියල් 200 හෝ 185 දක්වා ක්‍රමයෙන් පහළ බසිනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.