26 C
Colombo
Friday, March 29, 2024

පාස්කු ප්‍රහාරය: තිදෙනෙකුට ඇප ඉල්ලයි

- Advertisement -

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් වන ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් යන දෙදෙනාගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව මැයි මස 25වන දින යළි කැඳවන නියෝග කෙරුණි.

ඒ අදාළ නඩුව අද (29) දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැන සිටියදීත් ඒ බව පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රාහිම් වෙත නඩු පවරා තිබූ අතර මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගත කර සිටින මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන විත්තිකරුවන් තුන් දෙනා අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් වෙනුවෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියේය.

ඒ අනුව, නඩුව නැවත මැයි මස 25 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ හැකි බව විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට දැනුම් දුනි.

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව තොරතුරු දැනගෙන ඒ පිළිබඳව පොලීසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කොට දෙමටගොඩ, මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...