33 C
Colombo
Thursday, March 28, 2024

පාස්කු ප්‍රහාරය: චීනයෙන් පැමිණි මාළු ලොරි නිදහස් කළේ කවුද?

- Advertisement -

පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් මස 5වනදා අලුයම 12.35ට පොලිසිය විසින් පරීක්ෂා කළ චීනයෙන් සිට රැගෙන ආ විසිතුරු මසුන් තිබියේ යැයි පැවසෙන ලොරිය සහ පාස්කු ප්‍රහාරය අතර කිසිඳු සම්බන්ධයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ඊයේ (11) දින ප්‍රකාශ කර සිටියා.

එම ලොරියේ සිටි විසිතුරු මසුන්ට ඔක්සිජන් මදිවන හෙයින් කඩිනම්ව යා යුතු බව රියැදුරා පැවසූ හෙයින් ලොරි රථය ප්‍රමාදයකින් තොරව මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

“අංක එල්.ඊ 6012 දරන විසිතුරු මසුන් රැගත් ලොරියක් තමයි ගැලනිගම අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂණයට ලක් කර තිබෙන්නේ. ඒ ලොරියේ සැක කටයුතු කිසිවක් නැති බවත්, තිබී ඇත්තේ චීනයේ සිට මෙරටට ගෙන් වූ විසිතුරු මසුන් බවත් පෙනී ගොස් තිබෙනවා. ඔවුන් ගෙනියන්නේ කටුනායක ප්‍රදේශයේ සිට හොරණ ප්‍රදේශයටයි.

ලොරිය නැවත්තුවාම ඒකේ රියදුරා වන රොමේෂ් ඉන්දික පීරිස් නමැත්තා කියනවා. වැඩිවෙලා නවත්වාගෙන සිටියොත් ඔක්සිජන් අවසන්වීම නිසා ඉතා මිල අධික මේ මසුන් මිය යාමට ඉඩ ඇති බව. මෙය දැන්වූ පසු තමයි මේ පරීක්ෂණ අවසානයේ ගැටලුවක් නොමැති නම් අදාළ ලොරි රථය ප්‍රමාදයකින් තොරව මුදා හරින ලෙස උසස් පොලිස් නිලධාරියා උපදෙස් දී තියෙන්නේ. 2019 අප්‍රේල් විසි එක්වන දින මාලු මාලු හෝටලයේ කිසිම උසස් පොලිස් නිලධාරියෙක් නවාගැන් ගෙන නැති අතර එසේ සිටියා යැයි සනාථ කළ හැකි බිල්පත් හෝ තොරතුරු ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස මා ඔහුට දන්වා සිටිනවා. “

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විමසා සිටියේ චීනයේ සිට පැමිණි විසිතුරු මසුන්ට ගැලනිගම සිට අදාල ස්ථානයට යනතෙක් ඔක්සිජන් මදි වූයේ කෙසේ ද යන්නයි.

‘ඉහළ නිලධාරියාගේ උපදෙස් පිට මේ රථ 02 නිදහස් කරමි’ යනුවෙන් අදාල පොලිස් ස්ථානාධිපතිවරයා තැබූ සටහනක ඇති බවත් එහිදී ඔහු පෙන්වා දුන්නා.

“අපි ඇහුවා ගැලණිගමින් ලොරි 02 ක් එළියට අවා. ඒ ලොරි 02 ක නිදහස් කළා. ඒ නිදහස් කරන්න උපදෙස් දිපු උසස් නිලධාරියා කවුද? මොකද්ද නම කියලා?. මම කියපු දෙයක් නෙවෙයි. ඒ පොලිස් oic සටහනක් දානවා .ඉහළ නිලධාරියාගේ උපදෙස් පිට මේ රථ 02 නිදහස් කරමි. දැන් එතුමා කිවුවා මාළුන්ට ඔක්සිජන් නැති නිසා ඉක්මන්ට ඇරියා ලු මාර ටොක්නේ අප්පා, ඔක්සිජන් මදි වෙනව ද ගැලනිගම ඉදන් අතනට යන්න චීනයේ ඉදන් ආපු මාළුන්ට? දැන් පොලීසියේ ඉහළ කොළඹ භාරව හිටපු නිලධාරියා නිවාඩු ගිහිල්ල පාස්කු දවසේ.මාලු මාලු ගියේ නැත්තම් මේයා කොහොමද නිවාඩු ගත්තේ?”


RECENT ARTICLES - SINHALA

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...