30 C
Colombo
Sunday, December 3, 2023

පාස්කු වාර්තාව අසම්පූර්ණයි..! – ඇමති වාසු

- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ එකක් බවත් දැනගත යුතු ප්‍රධානතම කරුණ එයින් අනාවරණය වී නොමැති බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

“මගෙන් ඇහුවෙ නෑ කවුරුවත් ඔය ගැන, මේ ඇහුවාමයි. මගේ අදහස ඒක අසම්පූර්ණ වාර්තාවක්. ඒකෙ දැනගත යුතු ප්‍රධාන කරුණ දැනගන්න විදියක් ඒකෙන් ලැබිලා නෑ.

ප්‍රධානම කරුණ තමයි මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ඇතිවෙන්නට නියමිතව තිබුණු මහා කෝලාහලය ඇතිවුණා නම් මේ රටේ ඇතිවෙන සිවිල් කලබලය තුළ සැලසුමක් තිබුණාද මේ රටේ නියමිතව තිබුණු ඡන්දය නොපවත්වන්න ? MCC ගිවිසුම අත්සන් කරන්න ?

ඒ කාරණාව මම කියන්නෙ තව විමසිය යුතුයි. එහෙම නැත්නම් මේ … සහරාන්ටයි අනිත් කට්ටියටයි වුවමනාව තියෙන්න ඇති මරාගෙන මැරෙන බෝම්බයකින් පහර දෙන්න. එච්චරයි ඒගොල්ලන්ගෙ වුවමනාව. ඒකත් එක්කලා මේ රටේ කතෝලික සිංහල ජනතාවත් – මුස්ලිම් ජනතාවත් අතර විශාල කෝලාහලයක් ඇතිවෙලා එය කොතැනකට යනවාද කියන එක සහරාන් දන්නෙත් නෑ සහරාන්ට වුවමනාවකුත් නෑ. වාර්තාව අසම්පූර්ණයි”.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...