නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2ක මුදලකට අලෙවි වී තිබෙනවා.
එය මෙරට මුදලින් රුපියල් කෝටි 180කට ආසන්න මුදලක්.
එම කෙසෙල් ගෙඩිය සහිත කලා නිර්මාණය මිලදී ගත් චීන ව්‍යවසායක ජස්ටින් සන් එය කෑමට ගත් ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ජස්ටින් සන් කෙසෙල් ගෙඩිය කෑමට ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍යයේ දැඩි ප්රසිද්ධියකට ලක්ව තිබෙනවා.
තමන් මෙම කලා නිර්මාණය මිලදී ගත්තේ, එම අද්විතීය කලා නිර්මාණයේ අත්දැකීම විඳ ගැනීම සඳහා බව එය මිලදී ගන්නා අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබුණා.