30 C
Colombo
Sunday, December 3, 2023

ආර්ථික අර්බුදය: මෙරටින් පලා ගිය 75ක් ඉන්දීය පොලිසිය අත්අඩංගුවේ

- Advertisement -

රට තුල පවතින අර්බුදයන් හේතුවෙන් මෙරට ජනතාව ඉන්දියාව වෙත පලායන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යාපනයේ කාකතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 5කට අයත් පුද්ගලයන් 15 දෙනෙක් ඉන්දියාවට පලායාමට උත්සහ කිරීමේදී ඉන්දියාවේ රාමේෂ්වරම් පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන්දීය පොලිසිය විසින් මෙරට පුරවැසියන් 75 දෙනෙකු පමණ මෙලස මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යා ලේඛන වලට අනුව උද්ධමනය අතින් ලොව රටවල් අතර ශ්‍රී ලංකාව මේ වන විට 3වන ස්ථානයේ පසුවනවා.

එහි සුප්‍රසිද්ධ ආර්ථික විශ්ලේෂකයකු වන ස්ටීව් හෑන්ක් මහතා පෙන්වා දෙන්නේ ලොව වැඩිම උද්ධමනයක් සහිත රට සිම්බාබ්වේ රාජ්‍ය වන බවයි. ඊට අනුව ලොව වැඩිම උද්ධමනය සහිත දෙවන රට ලෙබනනය වන අතර ශ්‍රී ලංකාව තුන්වන ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

එහි සිව්වන ස්ථානය තුර්කිය හිමිකර ගනිද්දී වෙනිසිව්ලාව හිමිකරගෙන ඇත්තේ පස්වන ස්ථානයයි.


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය බැංකු දෙකකට බිලියන 80ක පොල්ලක්

මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකකින් ණය ලබාගත් ඉහළ පෙළේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් දහ දෙනෙක් රුපියල් බිලියන 80ක ණය පැහැර හැර තිබෙන බව ලංකා බැංකු සේවක...

දේශබන්දු ඉවත්කිරීමට රනිල්ගෙන් අලුත් සැලසුමක්

අලුතෙන් පොලිස් කොමසාරිස් ජනරාල් ධූරයක් ස්ථාපිත කොට ඒ සඳහා හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති කාර්යාලය සැලසුම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. ජනාධිපතිවරයා...

බදු නොගෙවූ සුපිරි වාහන 500ක් රට පුරා

අනුමත රේගු බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර පසුව ඒවා එකලස් කර ඉතා වටිනා වාහන නිපදවා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අල්ලස් දූෂණ...

POPULAR ARTICLES

සා.පෙළ විභාගයේ ප්‍රතිඵල ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ අනාවරණ‍යක්

මෙවර 2022 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත මෙවර සිසුන් දෙලක්ෂ නමදාස් හත්සිය හැට එකක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය 72.07% ප්‍රතිශතයක් බවයි සඳහන්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...

සුරාසැල් විවෘතව තබන වේලාවේ වෙනසක්

සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා අද (01) දින සුරාබදු පරීක්ෂකවරුන්ගේ වාර්ෂික මහා සම්මේලනයට එක්වෙමින් රාජ්‍ය...