25.6 C
Colombo
Saturday, July 19, 2025

ආර්ථිකයේ 4.8%ක වර්ධනයක්

- Advertisement -

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ පළමුවන කාර්තුව (ජනවාරි 1 සිට මාර්තු 31 දක්වා) සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල (2015) ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2024 වර්ෂයේ පළමුවන කාර්තුවේ ස්ථාවර මිල (2015) ගණන් යටතේ රුපියල් මිලියන 3,318,769 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී රුපියල් මිලියන 3,477,088 ක් ලෙස ඉහළ ගොස් ඇත.

ඒ අනුව 2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 4.8% ක ධනාත්මක වර්ධනයක් ලෙස වාර්තාවී තිබෙනවා.

2025 වර්ෂයේ පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික ආර්ථික කටයුතු 0.7% ක පසුබැසීමක් වාර්තා කරන නමුත් කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 9.7% ක් සහ සියයට 2.8% ක් වශයෙන් වර්ධනයන් වාර්තා කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

අද වැසි තත්ත්වය ගැන දැනුම් දීමක්

අද (19) බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බවත්,  සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...

සබරගමුව නවකවද සිද්ධිය: උපකුලපති වෙනුවෙන් නීතිපති නැහැ

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර...

කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර,...

POPULAR ARTICLES