25 C
Colombo
Friday, January 17, 2025

බිත්තර මිල තවත් පහළට

- Advertisement -

වෙළෙඳපොළේ බිත්තර මිල ඉදිරියටත් අඩුවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසනවා.

අද (21) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ඔහු පවසන්නේ, මේ වනවිට වෙළඳපොළේ බිත්තර මිල රුපියල් 28ක් දක්වා පහත වැටී ඇති බවයි.

උත්සව සමයේ දී වෙළෙඳපොළේ බිත්තර මිල වැඩිවෙතැයි අපේක්ෂාවෙන් තොග රැස්කරගෙන සිටි පුද්ගලයින් එම බිත්තර තොග වෙළඳපොළට නිකුත් කිරිමත් සමඟ ඉදිරියේ දී තව දුරටත් බිත්තර මිල අඩුවිය හැකි බව ඔහු පැවසුවා.

එමෙන්ම උත්සව සමයේ දී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාගත හැකි බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම උත්සව සමයේ දී බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාගත හැකි බවද මාතලී ජයසේකර මහතා මෙහිදී පැවසුවා.

මේ අතර සත්ව ආහාර මිල ඉහළ යාමත් බිත්තර විකිණුම් මිල අඩු අගයක පැවතීමත් තුළ තමන් දැඩි ගැටලුවක මුහුණ දී ඇති බව කුකුල් නිෂ්පාදකයින් පවසනවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES