චීනයේ ෂැංහයි නුවර කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ.
මෙහිදී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් කර්මාන්ත ශාලාව මුලුමනින්ම පාහේ විනාශ වී ඇත බවත් විදෙස් වාර්තාවල දැක්වේ.
පැය පහකට අධික කාලයක් පැවති මෙම ගින්න හටගෙන ඇත්තේ ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක බව සදහන් වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගිනි ආරක්ෂණ පද්ධතිවල දුර්වලතා ගින්නේ හානිය තීවර කිරීමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.