29.7 C
Colombo
Thursday, April 25, 2024

ත්‍රස්ත ප්‍රහාරවලින් පකිස්තාන ආරක්ෂක අංශ සාමාජිකයන් අට දෙනෙකු මරුට

- Advertisement -

පාකිස්තානයේ ලක්කි මර්වාට් සහ බජාර් දිස්ත්‍රික්කවල සිදුවූ ත්‍රස්ත ප්‍රහාර දෙකකදී පොලිස් භටයන් හය දෙනෙකු සහ සොල්දාදුවන් දෙදෙනෙකු ඇතුළුව 8 දෙනෙකු මියගොස් තිබේ.

පළමු සිදුවීම සිදුවූයේ ලක්කි මර්වාට් හි කුරුම් පාර් ප්‍රදේශයේ දී වන අතර එහිදී සටන්කාමීන් පොලිස් වෑන් රථයකට වෙඩි තැබීමෙන් සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු (SI) ඇතුළු හය දෙනෙකු මියගොස් ඇත.

මෙම ප්‍රහාරයේ වගකීම ප්‍රකාශයක් මගින් තහනම් කරන ලද පාකිස්තාන ටෙහ්රීක්-ඊ-තලෙයිබාන් (TTP) විසින් භාර ගෙන තිබේ.

නිලධාරියෙකු පැවසුවේ අබ්බාස් පොලිස් මුරපොලේ කණ්ඩායමක් ආරක්ෂක රාජකාරියක් සඳහා වන්දා ෂහාබ්ඛෙල් ප්‍රදේශයට යමින් සිටියදී සටන්කාමීන් විසින් විවිධ නවීන ආයුධවලින් එල්ල කළ ප්‍රහාරයකට ලක් වූ බවයි.

ප්‍රහාරකයින් පොලිස් නිලධාරීන්ගේ ආයුධ සහ වෙඩි නොවදින ජැකට් ද රැගෙන පලා ගොස් තිබේ.

මේ අතර, බජාර් දිස්ත්‍රික්කයේ චාමං ප්‍රදේශයේ පාකිස්තාන-ඇෆ්ගන් දේශසීමා ප්‍රදේශය අසල ඇති වූ ගැටුමකින් සොල්දාදුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර එහිදී එක් සටන්කාමියෙකු ද මිය‍ගොස් ඇත.

RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...