32 C
Colombo
Sunday, June 4, 2023

චීනයේ කම්හලක විෂ රසායනික කාන්දුවකින් පුද්ගලයින් අට දෙනෙකු මරුට

- Advertisement -

චීනයේ ගුයැන්ග් හි කම්හලක විෂ රසායනික ද්‍රව්‍යයක් කාන්දු වීමෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීන් පවසයි.

චීන මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මෙම අනතුර සිදුව ඇත්තේ කම්කරුවන් පිරිසක් විසින් මෙතිල් ෆෝමෙට් රසායනික තොගයක් වාහනයකින් ඉවත් කරමින් සිටියදී ය.

මෙතිල් ෆෝමෙට් විවිධ රසායනික ක්‍රියාවලීන් සඳහා මෙන්ම කෘමිනාශකයක් ලෙස භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් වේ.
එය සමට අහිතකර වන අතර ආශ්වාස කළහොත් විෂ සහිත විය හැකිය.

චීන ආර්ථිකය රසායනික ද්‍රව්‍ය හා කර්මාන්ත කෙරෙහි නැඹුරු වූවක් වන බැවින් මෙවැනි මාරාන්තික අනතුරු එහි සුලබ තත්ත්වයකි.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයන් සිදු කෙරෙමින් පවතී.

RECENT ARTICLES - SINHALA

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.

A President who dependents on thieves will not catch thieves – Sajith

Leader of the Opposition Sajith Premadasa says that a leader dependent on thieves cannot catch thieves. This was at...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.