26 C
Colombo
Wednesday, February 19, 2025

අරුම පුදුම මැණික් මල්ලෙ නඩුවට අවුරුදු අටක්

- Advertisement -

උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් වැය කරමින්, දෙහිවල, මිහිදු මාවතේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන්, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කර තිබෙන නඩුව, මැයි මාසයේ 31 වන දා යළි කැදවීමට නියමිත බවට වාර්තා වනවා.

පසුගිය 24 වනදා මෙම නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේ දී, නඩුවට අදාලව නීතිපති උපදෙස් ලබා ගැනීම සදහා සිහිකැදවීමක් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර තිබුණා.

අයථා ලෙස උපයා ගන්න මුදල් භාවිතා කරමින්, යෝෂිත රාජපක්ෂ අදාල ඉඩම මිලදී ගෙන ඇති බවට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය චෝදනා කළා.

ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අතරතුර, අදාල ඉඩම මිලදී ගැනීම සදහා තමන්ට මුදල් ලබා දුන්නේ සිය මිත්තණිය බව යෝෂිත රාජපක්ෂ පවසා තිබුණා.

කිසිවෙකු විසින් ගෙනැවිත් දුන් මැණික් මල්ලක් විකිණීමෙන් ඇයට මුදල් ලැබුණු බව යෝෂිතගේ මිත්තණිය පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම නඩුව 2016 වසරේ සැප්තැම්බර් මාසයේ සිට පවතිනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES