ජනාධිපතිවරණයට අදාළ සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ ප්රචාරක කටයුතු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.
නිහඬ කාලය තුළ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම වැනි ක්‍රියා සිදු කිරීම කළ නොහැකි බව කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළා.