31 C
Colombo
Wednesday, February 19, 2025

ලාල් කාන්ත දෙන්න ගිය ඡන්ද පාටියකට මැතිවරණ කොමිසමෙන් බාල්දියක්

- Advertisement -

ජාතික ජන බලවේගයේ නායකයින් කිහිපදෙනෙකු සහ ගල්කොරිකරුවන් කිහිපදෙනෙකු අතර පවත්වන ලද සාකච්ඡාවක් අතරතුර දිවා ආහාර ලබා දීමේ සැලසුමක් මැතිවරණ කොමිසමේ මැදිහත්වීමෙන් නවතා ඇති බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරනවා.

දිවයිනේ මහා පරිමාණ ගල්කොරිකරුවන් 25 දෙනකු පසුගියදා (03) මහනුවර තරු හෝටලයකදී ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු නායකයන් කිහිපදෙනකු හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

 එහිදී දිවා ආහාරය ලබා දීමට කළ සැලසුමක් පිළිබඳ අනාවරණය වීමෙන් පසු මහනුවර මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් ආහාර ලබාදීම වළක්වා ඇති බව සඳහන්.  

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී මේ ආකාරයෙන් සංග්‍රහ කිරීම වරදක් බව ජාතික ජන බලවේගයේ නියෝජිත පිරිසකට හා හෝටල් කළමනාකාරීත්වයට දැනුම් දීමට මැතිවරණ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම ප්‍රධාන පෙළේ ගල්කොරි කර්මාන්තයේ නියුක්ත ව්‍යාපාරිකයන් පැමිණ තිබෙන බවයි.

එම අවස්ථාවේ හෝටලයේ දිවා ආහාරය බුෆේ ක්‍රමයට යොදා තිබූ බවත් හෝටලයේ නවාතැන් ගෙන සිටි පිරිසට අමතරව දෙස් – විදෙස් සංචාරකයන්ද ආහාර ලබා ගැනීමට පැමිණ සිටි බවත් මහනුවර මැතිවරණ කාර්යාලය සඳහන් කර තිබෙනවා.

 මේ හේතුවෙන් මැතිවරණ කාර්යාල නිලධාරීන් ආහාරවලට සීල් තැබීමට පියවර ගෙන නොමැති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

Breaking: උසාවිය තුළ වෙඩි කෑ ගණේමුල්ල සංජීව මරුට

මීට කෙටි වේලාවකට පෙර අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සිදුවූ වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්ව...

Breaking: අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. අදාළ වෙඩි තැබීම අලුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුළ...

POPULAR ARTICLES

මිද්දෙණිය වෙඩිතැබීම; තුවාල ලබා සිටි පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලාබා රෝහල් ගතකළ සිටි මරණකරුගේ පිරිමි දරුවා මියගොස් තිබෙනවා. ඔහු ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද...

2025 අයවැය යෝජනාවලට ලංකා වාණිජ මණ්ඩලයෙන් පැසසුම්

2025 අයවැය මඟින් ඉදිරිපත් කර ඇති යෝජනා ලංකා වාණිජ මණ්ඩලයෙහි නිර්දේශ, ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සිදු කළ සාකච්ඡා සහ '2030 Vision' ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ...