ජනාධිපතිවරණය සඳහා වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5551ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර ගතවූ පැය 24ක කාලය තුළ සිදුවූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 337ක් ලෙස වාර්තා වෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 4929ක් මේ වන විට විසඳා ඇති බවයි.