ජනාධිපතිවරණයට අදාළව තවත් පැමිණිලි 132ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කර ඇත්තේ, වාර්තා වී ඇති පැමිණිලි අතුරින් පැමිණිලි 131ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් බවයි.
වෙනත් පැමිණිලි එකක් ද ඊයේ දිනයේ දී වාර්තා වී ඇති බවත් එහි සඳහන් ව තිබෙනවා.
මේ අනුව, ජුලි මස 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා සමස්ත පැමිණිලි 2227ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඉන් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 2154ක් වාර්තා වී ඇති බවත් එහි සඳහන්ව තිබෙනවා.