28.8 C
Colombo
Wednesday, March 26, 2025

නුවරඑළියේ භෝජන සංග්‍රහයක් මැතිවරණ නිලධාරීන් නවතයි

- Advertisement -

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් (17) දින රාත්‍රියේ සංවිධානය කර තිබූ රැස්වීමකින් පසු පැවැත්වීමට නියමිතව තිබු රාත්‍රී භෝජන සංග්‍රහයක් නතර කිරීමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා.

එම රැස්වීම නුවරඑලිය ප්‍රදේශයේ තොරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබු අතර, එම රැස්විමෙන් අනතුරුව රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් සංචාරක හෝටලයේ භෝජනාගාරයේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විමට සංවිධායකයන් කටයුතු කර තිබුණා.

කෙසේවෙතත්, රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු කණ්ඩායමක් (17) දින එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර බලා රැස්විම පවත්වන ලෙසත්, එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසට සංවිධායකයන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

තවද එම සංචාරක හෝටලයේ පාලන අධිකාරිය වෙත සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් රැස්විමට සහභාගි වු කිසිදු අයෙකුට මුදල් ලබානොගෙන ආහාර පාන ලබා නොදෙන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

(හැටන් – රංජිත් රාජපක්ෂ)

RECENT ARTICLES - SINHALA

ගුවන් යානා අනතුර ගැන නලින්දගෙන් පරස්පර කතාවක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් වාරියපොල ප්‍රදේශයට කඩාවැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...

මැතිවරණ නීති කැඩීම් ගැන පොලීසියෙන් නිවේදනයක්

2025 පළාත් පාලන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වලට අදාළව ඊයේ (25) දින වන විට පැමිණිලි 7ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය...

හිටපු හමුදාපතිවරුන්ට දැමූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්  

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන්...

POPULAR ARTICLES