වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල් 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙසේ උපයාගත් රුපියල් බිලියන 120 ක ලාභය මෙවර ගාස්තු සංශෝධනයේ දී ජූනි 31 වෙනිදාට පොළියත් සමග පාරිභෝගිකයා වෙත ආපසු ලබාදෙන ලෙස රණවක මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියා.
මෙසේ අධික ගාස්තු සම්පාදනයකින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයාගත් ආදායම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවධානය යොමු විය යුතු බව රණවක මහතා පවසනවා.
මහජන උපයෝගීතා කොමිසම විසින් යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් සංවිධානය කරන ලද අදහස් විමසීමේ වැඩසටහනකට ඊයේ (09) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.